e magazine

The E-Magazine of Science Day 2016

The biggest inspiration of my life

Before twelve years
I was standing there
Right in front of that
Giant blue gate
With no clear idea
And now I know
I’ve entered to a
Home of god
Since that day
You watch me grow
And nurtured me so well
And bring me to who I am today
You fill up my senses
Given me thy utmost
And mend my weakness
For you’ve being the
Mother of Light
That lit our lives
Lighted to lighten
The dark blue tie
Red, green, blue, and yellow badges
We will cross our hearts
For name of thy pride
Your lessons become our spiritual guidance
Your rhythm become the beating of our hearts
For you’ve being the
Mother of LOVE
Again and again
Even the breeze or dew on a grass
Is bliss under your shade..
You’ve tempered our lives
In every angle in every inch
We are so very proud to be your daughter
For you’ve being the
Mother of Everything
So here goes my salute for

Mother “KEGALU BALIKA” the biggest inspiration of my life




Shalindri Weerasinghe

                                                                                                                                   


 The E-Magazine of Science Day 2015














                                                                                                                                                                                                                                                                                                                 



  aA\ ×[`nôÉy@G p¹ìdy 

a[&`pn@Y ²z`Wmk sAvR[nyt qr#vN@G ÎRm`z¯ÅWvy h` Áslw` vR[ny aw&v\&û. @M sqh` pAñk`mr a[&`pnyt amwrv oîN@G Áslw` hÚn` g#Ïm h` Ev` vR[ny ¿Þm p`sl ó˜N âÚVy ýóy.

    ev#Î avS}`vk 2014-2017 ©;& kZd`ym @w~r`gW eK Óyvr¿, Nebula’15 Vq&` Øny. ob@G uWs`hy s`R}k krg#Ïmt m`@G äX`âA\n @M sm< ÓÝnmÉ.

    an`gw aö@y~g vlt ËÒz Ùm s>h` ap Øyªvr#Nt Îb>v ØÝyK lb` @qn gr# ìÚhLpñóÉy, Î@y~j& ìÚhLpñ mhWm∙mhWÊN , ìq&` aA\@Y s@h~qr a`c`Ry mZdly, nN aýÝN sh`y lb`ÚN âyÆ @qn`t, E- s<r`v e]sq#Kímt Îb>v @v@h@sn a`qr¹y Øy¹vr#NtW m`@G h^qy`Agm Sôñy Õq ¿Þmt @my avS}`vK kr gÎÉ.


                           aA\ ×[`n

                           ìq&` aA\y.
                                                                                                                                                                                                 


සරසවිය

ගෙවා දින සති මාස ගණනින්
හෙලා දා බිඳු කඳුළු නිතැතින්
මහා වෙර වෑයමක් දරමින්
දෑ අවුරුද්දක සිට දකින සිහිනයකි
සරසවිය..........

කාලය
ඔබ මට රත්තරන් වගේ
හැමදාම මං බලන් ඉන්නවා
හිතෙනවා මං ළඟ නතර කර  ගන්න
කවදාවත් නොනවතින ගමනක නුඹ

කෙමෙන් මා වයසට යනවා
ඒත් තවම ඔබ ගමනේ
කෑ ගහලා අහන්න හිතයි
ඇයි නුඹ මට මෙහෙම කරන්නේ

තත්පරෙන් තත්පරේ ..
අයි ඔබ ගැහි ගැහී යන්නේ
නවතින්න හිතක් නෑ වගේ
මට නුඹව අල්ලන්න හයියක් නෑ.....
                                                                                                   ගයනි කෞශල්‍යා  
                                                                                                    13-E(ජීව විද්‍යා අංශය)

                                                                                                                                                                                                                                                                              

ඈ දුටු ඔවුන්ගේ සිතුවිලි

"ඇය මලක් සුවඳ මලක්"
අපිට දැනුනේ නැති සුවඳක් මෙයාට කොහොමද දැනුනේ?
මලක් නෙවෙයි බන් පුර හඳක්
ඇයි?    මූනේ හාවෙක් දැක්කද?
නැත්නම් ආවාට තිබුනද?  
 නෑ නෑ බන් මු මීට කලින් හඳ දැකල නෑ
අද රෑට වරෙන් උඹට හඳ පෙන්නන්න
අනේ වාසනාවන්.....
අද රෑට කොහෙද හඳ?
අපේ ආච්චි කියනවා ඇහුනා අද අමාවක කියලා
හරි හරි ඊළඟ පෝයටවත් උඹ මතක ඇතිව හඳ බලපන්
මටනම් එයා සරුංගලයක් වගේ
ඔව් ඔව් නූල කැඩිච්ච සරුංගලයක්
පිස්සුද තම නූලක් දැම්මේ නෑ
එහෙනම් උඹ නූල දාපන් මම නූල අල්ලගෙන ඉන්නම්
හොඳට හුළඟ තියෙන දවසක සරුංගලේ උඩ යවපන්
මතක ඇතිව අපටත් තියපන්
හදිස්සියේ වැස්සක් හෙම ආවොත් නූල අත ඇරපන්
මේ උඹල ඔය නූල් දාලා උඩ යවපු සරුංගලේ,
අපේ අක්කා.....
"අනේ අපිට සමාවෙන්න යාලුවේ.... "   

                                                                                             චතුමිණි ජයනි
                                                                                              12-E         

                                                                                                                                                                                                

ඒ මිතුදමේ සැබෑ අර්ථය සැඟවිලා අද මෙලොවේ.... 

රත්තරන් පාටින් සිතිජයේ
සිත්තමකි රුසිරු
තුරුලතා  දහසක  කතාවක්
මිමිනුවා මියුරු
ඒ දිහා මොහොතක් බලා
නැගෙනවා ලහිරු
සේපාලිකා මල් පරවෙලා නෑ
ඇවිද්දත් පොලවේ
රතු රෝස කුසුමත් පිබිදිලා නෑ
එය තවම නැලවේ
තව මොහොතකින් ඒ මල පිපෙයි
ලහිරු හා හිනැහේ
මේ අහස විල රැඳී සුනිල නිල
සුදු වලාකුළ මතුවේ
රුදු අන්දකාරයේ අඳුරු සෙවනැලි
තුරන් වේවි දසත එළියේ
ඈත කොතැනද ඉපදිලා
ලා පවන විත් හිනැහේ
මල් සුවඳ විතරක් හොරාගෙන යයි
හිතක මිතුදම නුඹයි නෙළුවේ
ඒ මිතුදමේ සැබෑ අර්ථය
සැඟවිලා අද මෙලොවේ .....
                                                                                 රෝශිකා අංජානි
                                                                                        12-D 
                                                                                                                                                                                               


කාලය


සෙව්වෙමි සොයමි හමුනොව්නි තව
කොයිබද  ඔබේ අවසානය 
විශ්මයකි ඔබ නම්
කිසිවෙකුටත් පරාජය කල නොහැකි
හඹා යන ඔබ කිසිවෙකුටත් නැවත
ගෙන ඒමට නොහැක
එහෙත් සොයන්නෙමි
ඉදිරියටත් සොයාගත නොහැකි
කාලයෙහි සමාප්තය.....

 


තෂ්මිණී සුබසිංහ
                                                                         13-B(ගණිත අංශය)
                                                                                                                                                                                               



කෑගලු බාලිකා නාමේ දැරුවේ ඔබයි


කෑගලු  අහස්තලයේ සඳරැජිනි                ඔබයි
කෑගලු මල් කැකුළු පුබුදන්නිය                 ඔබයි
කෑගලු පුරවරට මිණි බිහිකළේ                ඔබයි
කෑගලු බාලිකා නාමේ  දැරුවේ                 ඔබයි

තරුපිරි අහස බබලවනා  සඳ                  වාගේ
 නිල්වන් අහස දිදුලුවනා හිරු                  වාගේ
බොරළු අතර දිදුලන මැණිකක්               වාගේ
එලිය කරයි දිවිපෙත් ඔබ අප                සැමගේ

බිත්තර වී කෙතේ වපුරන්නිය                 ඔබයි
පැල ගොයමට ගලනා දිය දහර               ඔබයි
නිල්  ගොයමට රන්වන් පැහැ දෙන්නී      ඔබයි
රන්වන් අස්වැන්න නෙලනා ගෙවිලි         ඔබයි

සිප්කිරි පොවා අප දැඩි කරනා              අම්මේ
අමාදහර අප හද වෙත දෙන                  අම්මේ
කෑගලු බාලිකා දිදුලන රන්                      නාමේ
දරන්නට හැකිය ඔබ සතු බල               මහිමේ

බාලිකාවියන්  හදවත්                              යායේ
සැමදා  රැඳේ  ඔබගේ ගුණ                සමුදායේ
පාදන්නට  දෙනෙත්  දසදහසක්              ආයේ
දිගු කල් රැඳේවා මව් ඔබ                   මතුදායේ

                                                                   තෂ්මිණී සුබසිංහ     
                                                                         13-B(ගණිත අංශය)
                                                                                                                                                                                               

කුමුදු කුසුමකි නුඹ.....

මැදියම් රැය තිමිර පටල අතරින් ගලා එන
සොමි කැල්මේ පහසින් පොපියා
විල්දිය දහර මත ධවල පැහැයෙන් හිනැහෙනා
බඹර පහස නොලද නොයිදුල් කුසුමකි
නුඹ.......
හිමිදිරියේ මීදුම් සළු අතරින් දිස්වෙන
ලහිරු මඩලේ පහස නොවිඳ
බඹර නද ඇසෙන්නත් පෙරම
රැයට නිරාවරණය කල
සුසිනිදු වත සඟවන්නා
පිවිතුරු කුසුමකි
නුඹ......
මැදියම් රැයෙහි සොමි සමග
කල්ගෙවා විඩාබර වූ  කල
ලහිරු මඩලට මුවා නොවී හිඳ
බඹර තුඩක පහසට ගොදුරුව
සෙමෙන් මුකුලිත වන
කුමුදු කුසුමකි
නුඹ........

තෂ්මිනි සුබසිංහ
                                                                                 13-2(ගණිත අංශය)
                                                                                                                                                                                               


ගගන නමින්

අහස දිහා බලන්න.අහසේ එක එක ජාතියේ කුරුළු රංචු පියාඹනවා.එත් රාජාලියෝ රංචු පිටින්  පියාඹන්නේ  නෑ.ඒ වගේ තමයි නායකයා.ඉහලින් පළමුව පියාඹන්න නායකයින්ට සිද්දවෙන වෙලාවල් තියෙනවා.ඒ අහස දිහා බලා ඉඳල අහස ජයගන්න බෑ.අහස ජයගන්න නම් අහස තරණය කරන්නම ඕන.රයිට් සහෝදරයෝ පියාඹන්න හිතුවේ නැත්නම් තාමත් අපට අහස යාත්‍රා නෑ නේද?ඊට කලින් ගොඩක් දෙනාට වලාකුලක් වගේ පියාසර කරන්න පුළුවන් හිතක් තියෙන්න ඇති.එත් රයිට් සහෝදරයින්ට ඒ පළමු ප්‍රයත්නය ප්‍රයෝගිකව දැරීමේ අවදානමට මුහුණ දීමේ දිරිය තිබුනා.පළමු පියවරේදී තටු කැඩෙන්න පුළුවන්.හැබයි එතනින් ජීවිතේ නතර වෙන්නේ නෑනේ.

අහස වගේම තමා මුහුදත්.වෙරළට තියෙන ආදරේ අතහරින්න බැරිනම් අලුත් ගොඩබිමක් හොයාගන්න බෑ.
අහසෙන් අපට කොච්චර දේවල් පෙන්නනවද? බලන්න අහස දිහා...දවස දිගු බව ඇත්ත...එත් නියමිත මොහොතේ කිසිදු අලස කමක් නැතිව ඉර පායනවා... මුළු අහසම අයිති කර ගන්නවා.හිරු විවේක ගන්නකොට හඳ පායනවා.අමාවක දිනයකට පස්සේ සඳ සැඟවෙන්නේ නෑ.
සොලොස්කලා පිරෙනකම් හැමදාම ධෛර්යයෙන් පැමිණෙනවා.
හැබැයි හිරුට සඳුට පවා බස යාම උරුමයි....

අමාවක දවසක උනත් අඳුරු පරිසරයකට උනත් ගිහිල්ලා ටිකක් වෙලා බලා ඉන්නකොට හාත්පස තිබෙන දේවල් අඳුනගන්න පුළුවන් තරම් එළියක් අහසේ තියෙනවා.ඒ තරු නිසා වෙන්නත් පුළුවන්.නැත්නම් අපේ ඇස් අන්ධකාරයට  හුරුවෙන නිසා වෙන්නත් පුළුවන්....

බලන්න අහසෙන් අපට කොච්චර දේවල් කියාදෙනවද? අහස වගේ තමයි ජීවිතය... අපට උත්සාහය කැපවීම හා ධෛර්යය තියෙනවනම් ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන්.අහස ජීවිතේට උපමා කරලා බලනකොට ඒක හොඳටම පැහැදිලි වෙනවා...

උත්සහ කලාම ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන්.මෙහෙම කළා කියලා අහස කළුවර වෙලා ඇඟට කඩා වැටෙන්නේ නෑ කියලත් මතක තියාගන්න......

                                                                චමින්ති දිලේෂා වෙදගේ
                                                                        13-G      
                                                                                                                                                                                               


ජීවිතය

ජීවිතය වෘත්තයක් නම්
අප ඒ වට පරිධියේ ගමන් කරන්නෙමු
අඳින්නෙමු විවිධ ජ්‍යායන්
සොයා යන්නට එහි අරය
යොදන්නෙමු විවිධ ප්‍රමේයයන්
සොයන්නට එහි කේන්ද්‍රය

ජ්‍යායන් යොදා
ප්‍රමේයයන් යොදා
සාධනය කලද

දැරූ සියලු වෙර අසාර්ථකයි
ඉඩ දෙන්න හදවතට නොව බුද්ධියට
සිනාසෙයි කෙනෙකු හඬ නගා
වැළපෙයි කෙනෙකු හඬ නගා
හරය නොදැන අරය සොයා ගිය
ගමනක අවසානය
පසක් වෙයි අප  සැමට ජීවිතය


                                                       හිරුණි හිමාෂා
                                                        13-E (ජීව විද්‍යා අංශය)


                                                                                                                                                                                              

පුංචි සමනලියක්

පුංචි සමනලියක් ලෙසින් අප
ඔබේ තුරුලට ආ එදා ...
මල් ගොමුව වී සමනලුන් වෙන
ඔබ සුවඳ දුන් ඒ සොඳුරුදා...
සමනලුන් සැම ඔබ සෙවණේ
මල් සුවඳ විඳි මිහිරිදා...
තවම සුවඳයි මතකයන් පෙල
හදවතේ රැඳෙමින් සදා...
හෙමි හෙමින් අප වසන්තය වෙත
පිය නගන විට ඒ දිනේ...
මාවතේ මංමුල වී අප
තනිව ඉකි බිඳී වෙලාවේ...
ඔබයි පිය ගැට පෙළක් වී
මාවත සැදුවේ දෙව්ලියේ...
ඔබ නිසයි වස්සානයේ අප
මල් කැකුළු වී පිබිදුනේ...
ස්නේහයෙන් පිරි ඔබේ සෙවණේ
හෙමි හෙමින් වැඩෙමින් එදා...
මල් කැකුළු මුකුලිත වෙලා අද
සිනිදු සුසිනිදු පෙති විදා...
විහිදුවන්නම් ඔබ කියා දුන්
සුවඳ මුළු ලොවටම බෙදා...
ඉතින් කෑගලු බාලිකාවනි
හැර නොයන්නෙමු ඔබ සදා....
                                                                                 S.M.R.D.P.K. අස්මඩල
                                                                          13-D(ජීව විද්‍යා අංශය)
                                                                                                                                                                                               



මව්නි දයාබර

කිරට හඬනා බිළිඳියක ලෙස
මා මෙලොවට ජනිත වූ දා සිට
මගේ හිස පළඳවන්නට පැතුවා නුඹ
දුක කඳුල මට හෙලන්නට
කිසිදාක ඉඩ නොදුන්
මහා මේරු පර්වතය සේ
මා ඉදිරියේ නොසැලී සිටිය ඔබ
මේ මහා පොලව මත
පා තැබූ පියවරක් පාසා
නොමැකෙනා සෙවනැල්ලක් වී
මගේ පසුපසින් ආවා නුඹ
මගේ ලෝකයේ අඳුරු සෙවනැලි
සදා කල්හිම මකා දමමින්
මහා සුර්ය රාජයා සේ
එලිය දුන්නා නුඹ
ජයග්‍රහණයේ මග කියා දී
මගේ ලෝකය ජය ලබන තුරු
පෙර මග බලා සිටිනුයේ
වෙන කිසිවෙකුත් නොව
දයාබර මව්නි ඔබ  

තනුජා දිල්රුක්ෂි
                                                                                           13-E(ජීව විද්‍යා අංශය)
                                                                                                                                                                                                



මිරිඟුව


නිමාවක් සොයමින් වැලිකතරක සැරිසැරුවෙමි
නිමවාක් නැතත් දිය බිඳක් හෝ ලබනේදැයි
විශ්වාස සිතින් දිනක් දුටුවෙමි
සයුරු ක්ෂිතිජයේ හඹා ගියමුත්
ළඟ වීමට නොහැකි විය මට
නිරුදක කතරක කොයින්ද උදක
වැටහුණි සියල්ල හඹාගියේ
මිරිඟුවක් පසුපස බව

                

                තෂ්මිනි සුබසිංහ
                  13-B(ගණිත අංශය)

                                                                                                                                                                                                  

To who can bear to feel herself forgotten?

Passing many years
Curing the wondered hearts
Light blue of the sky
Dark blue of the ocean
Prove the unity of us
Luminance via the darkness
The great memories
Of success…
Hold us ever the glory, pride
& enthusiasm
Whispering small secrets
Below the Araliya sewana
Giving the oaths of success…..
In the name of everlasting flame
Couraging alla the spirits
Behind the tenderness of
Patient minds
The one who taught me
To value myself & hundreds of lives
So who can forget all these?
                                                                                                          C.S.Wickramage
                                                                                                G.R.S.C.Dissanayaka
                                                                                                          12-F
                                                                                                                                                                                            
  


නුඹට හැකිද?

සිත් පෑරෙන කතා කියන
ලෝකෙක ජීවත් වෙන්නට
කියාදෙන්න නුඹවත් මට
සිහිනෙන්වත් ඇවිදින් අද

ඇසිපිය අග රැඳුණු කඳුළු
සිපගන්නා විට කම්මුල්
කඳුළැල් පිස දමන්න
රහසින්වත් නුඹ එනවද

මුව අග මවලා හසරැලි
නෙතු අග සඟවා කඳුලැලි
මටත් හොරෙන් හඬන සිත
සනසන්නට නුඹට හැකිද?


 
තෂ්මිනි සුබසිංහ
                                                                    13-B(ගණිත අංශය)

                                                                                                                                                                                            



වසන්තය

කටු අනින හීතලේ
වැහිසලුව ඉවතලා
 දෙනෙත් පිය වැහෙද්දිත්
බොහෝ සේ වෙහෙසිලා
ගිම්හාන කාලයේ
වින්ද දුක් නිම වෙලා
බලනු මැන වසන්තය
දොරකඩට ඇවිල්ලා 


                                                                                                                        රෝෂිණී හංසිකා
                                                                                                   13-E (ජීව  විද්යා අංශය)
                                                                                                                                                                                            

අම්මා


දස මාසයක් කුස තුල  හොවමින්               වැඩුවා
ඇඟ ලේ කැටිය කිරි කර පොවමින්            හැදුවා
මෙත් මුදිතාව මා හට  යහමින්                 පෙව්වා
හරි මග පෙන්වමින් ඔබ මා එහි                යැව්වා

උදසුන හද විලේ පිපෙනා පියුම                 මෙන
පුදසුන සුවඳ කරනා කුසුමක්                  ලෙසින
පහනක් ලෙසින් ලොවෙහි අඳුර දුරු          කරන
සිතුමිණ ඔබයි මගේ දිවියට පන            පොවන

නොනිදි රැයේ නිදි ලන්කළ දෙව්දුව             ඔබ
ජීවිතයේ මං පෙන්වන තරු පොකුරකි          ඔබ
භවයෙන් භවේ පතනා පතුමක්ය                 ඔබ
සැමදා මගේ ළඟ හිදිනා මව්නි                    ඔබ

නිර්මල වූ හදෙහි මතු වූ                   සිතුවිල්ලක
නිසංසලේ වඩනා                           භාවනාවක
පැතුමක් පතමු අම්මේ හිඳ               බෝමලුවක
භාවයෙන් එතෙර වන්නට අප               මතූදාක      



                තෂ්මිනි සුබසිංහ
                                                                          13-B(ගණිත අංශය)


No comments:

Post a Comment